Friday, December 5, 2014



         පරිසරයට සංfව්දි  මිනිසකුගෙන් ජනපතිට අභියාචනයක්.


සුදු අධිරාජ්‍ය වාදින්ගෙ සෙවනැලි තම ජන්ම භූමියට වැටේ යැයි රතු ඉන්දියානුවන් කිසි දවසක නොසිතන්නට ඇති.එහෙත් දෛවයක මහත සිදුවු‍යෙ අරුමයකි. සුදු අධිරාජ්‍ය වාදින් ඇමරිකාව නමින් ඔහුන්ගෙ පදිංචියට භුමියක් වෙන්කරවා ගත්හ. ක්‍රමක් ක්‍රමයෙන් ස්වදේශිය ජනයා මහ වනයට කොටු කරමින් සුදු අධිරාජ්‍ය වාදින්ගේ බලය ව්‍යාප්ත කර විය. එහි ප්‍රතිඵලයක් ලෙස ඇමරිකානු එක්සත්ජනපද 14 වන ජනාධිපතිවරයා වු ප්‍රෑන්ක්ලින් පියස් සමයේ රතු ඉන්දියානුවන් පදිංචි භූමිය මුදලට විකුණා දමන ලෙසට එවක රතු ඉන්දියන් නායකයා වන සියැටෙල් නැමැති ග්‍රෝත්‍රික නායකයාට මැසිවිලි නැගීය. මුදලක වටිනාකම හෝ යමක් මිලකරනු කුමක්දැයි නොදත් සිය ජන්ම භූමියට අතිසෙයින් ප්‍රේම කල මෙ මිනිසා තම ජනයාට අයත් සිය භූමියේ වටිනාකම සහ පූජණියත්ත්වය ජනාධිපතිවරයාට කියාදීමට අවෂ්‍ය විය.ඔහු ජනාධිපතිවරයාගේ ඉල්ලිමට එකග නොවෙන විට අත්වන ඉරණම ද හොදින් ම දනි.ඔහු තුවක්කුවෙ බලය ද හොදින් හදුනන්නේ ය. මෙ ලිපිය තුළ අඩංගු වන්නෙ රතු ඉන්දියන් නායකයා ජනාධිපතිවරයා වෙත යැවු තම අදහස්ය.ඒ  අනුව මෙම ලිපිය ඇමරිකානු ‍ එක්සත්ජනපද වොෂින්ටන් රාජ්‍ය පුස්තකාලයේ ඉංග්‍රිසි ලේඛනයක් අනුව සකසනු ලැබු පරිවර්තණයකි.මෙම ලිපිය කියවන විට මෙ මිනිසා කොතරම් පරිසරයට සංවේදි ද යන්න ඔබට දැනේ වි.එසේ ම  පරිසරය පිළිබද අප දරන ආකල්පත් මෙ මිනිසා දරන ආකල්පත් අතර ඇති සබදකම අහසට පොළොව මෙන් බව ඔබට හැගේ වි.එලෙසට ම අපෙ ජන්ම භූමිය පිළිබද  සහ අපෙ පරිසරය පිළිබද දැරිය යුතු ආකල්ප කුමක්ද යන්න දෙමාපියන්ට ,දරුවන්ට මෙන් ම කොයිකාටත් මෙ ලිපිය කියාදේවි.

රතු ඉන්දියන් නායක සියැටෙල් විසිනි.1855 දීය.
වොෂින්ටනයේ ජනාධිපතිවරයා තම අභිමත පරිදි අප භූමිය මිල දී ගැනීමට අවෂ්‍යව ඇති බව දන්වා එවා ඇත. හොදයි ඔබට අහස මිලදි ගැනීමට හෝ විකිණිමට හැකි ද? එලෙස ම අ‍පෙ භුමිය,වාතය,බුබුළු නගින ජලය ඔබට මෙවා මිලදි ගැනීමට හෝ විකිණිමට හැකිද? එ අදහස නම් අපට හරි අමුතුයි.

මේ භූමියේ සෑම කොටසක්ම මගෙ මිනිසුන්ට පුජණියයි.බබළන කටු සහිත සෑම පදුරක්ම,සෑම වැලි තීරයක්ම,මීදුමින් ගැවසිගත් අදුරු රුක් සියල්ලත්,සෑම තණ බිමක්ම,ගුම්නද පතුරන සෑම කුඩාකෘමිසතුන් ද යන මොහුන් සියල්ලම මගෙ මිනිසුන්ගේ මතකයන් සහ අත්දැකිම් අනුව පුජණීයත්ත්වට පත්වේ.
අපි මෙහි හොදින් දනිමු මිනිස් සිරුරෙ ශිරා අතරෙන් ගමන් කරන රුධිරය මෙන් සාකයන් තුලින් ඹ්ජාව ගලායන බව.මහපෙළොව අපෙ කොටසක් මෙන්ම අප එහි කොටසක් ලෙස මතක තබා ගත යුතු ය. සුවදවත් මල් අපේ සොයුරියෝ ය. එලෙස ට වළහා,මුවා,තෙදවත් රාජ අලියා යන මොහුන් අපගේ සොයුරෝ ය.ඒ වගේම මෙ මහ ගිරි සිඛර,තෘණ භූමිවල තැවැරුනු පිනිබිදු , පෝනියාගේ උණුසුම යන මෙ හැම දෙයම සහ මිනිසුන් සියල්ලක්මත් එකම පවුලකට අයත්වේනවා.
මෙ ගලා බසින දිදුළන දියපහරවල් ජලය නොවේ ඒව අපෙ මුතුන් මිත්තන්ගෙ රුධිරයයි.ඔබ අපේ භූමිය මිලදී ගත්තත් ඔබ මතක තබාගත යුතුයි ඒ භූමිය මගෙ මිනිසුන්ට පූජණීයයි.ඔප ඇති පිරිසිදු ජලය මත වැටුනු විවිධ ප්‍රතිබිම්බයන් රැදි විල් මගේ මිනිසුන්ගෙ මතකයන් කියා දේවි.මෙ ජලය තුළින් නැගෙන මැසිවිල්ල මගෙ මුත්තාගේයි.ගංගාවො අපගේ සොහෝයුරෝය.ඔහුන් අපෙ පිපාසය සංසිදුවනවා.එසේම ඔහුන් අපෙ ඔරු රැගෙන යනවා  රැගෙන ගිහන්  ඔහුන් අපෙ දරුවන් පෝෂණය කරනවා.ඉතින් ඔබ මෙ ගංගාවන්ට කාරුණික විය යුතුයි හරිට ඔබ ඔබෙ කිසියම් සහොදරයකුට කාරුණිකවනවා වාගේ.
මෙ භූමිය අප මිල කරත් ඔබ මතක තබාගන්න එ භූමියෙ වාතය අපට මාහැගි දෙයක් ලෙස.එ වාතය අප සියලු දෙනාගෙ ජිවිතවලට ජීවය ලබාදුන්නා.එ භූමියේ ඇති සුළග අපෙ සීයාට පළමු හුස්ම පොදත් අවසාන හුස්ම පොදත් ලබාදුන්නා.සුළග අපෙ දරුවන්ගෙ ජිවිතවලට ප්‍රාණය ලබාදුන්නා.ඉතින් මෙ භූමිය අප මිල කරත් ඔබ මතක තබාගත යුතුයි ඒ භූමිය අපට පූජණීයත්ත්වයෙන් මෙන්ම මිනිසාට එහිගොස් තණ බිම්වල පිපුණු සුවදවත් මල්වලින් හමා එන සුවද විදියහැකි භූමියක්ලෙස සුරකින්න.
ඔබ ඹබෙ දරුවන්ට උගන්වාවිද අපේ දරුවන්ට අපි කුමක් උගන්වා තිබෙද ? යන්න.එ තමයි මෙ මහපොළොව අපෙ අම්මා එය ඔබ උගන්වාවිද ? මහාපොළොවට කුමක් සිදු කලත් මහපොළොවෙ සියලු පුතුන්ට එය සිදුවේවි.මෙහි අපි එකදෙයක් දනිමු මෙ මහ පොළව මිනිසාට අයිති නැති බවත් මිනිසා මහ පොළවට අයිති බව දනිමු.මෙහි හැම දෙයක්ම එකිනෙකට සම්බන්ධවි තිබෙනවා හරියට අපෙ රුධිරය සැම පද්ධතියක් සමගම සම්බන්ධ වෙනවා වගෙයි.මිනිසා ජීවිතය නැමැති වියමන වියන්නෙ නැහැ හුදෙක්ම ඔහු එහි එක් පොටක් පමණයි.
එක්දෙයක් මෙහි අපි දනිමු ඵ් තමයි අපෙ දෙවියන් මෙන්ම ඔබෙ දෙවියන් ද අපට සමානයි.මහ පොළව අපට මාහැගි දෙයක් එයට සිදුකරන හානිය හරියට මහ පොළව මැවු දෙවියන්ට සිදුකරන අපහාසයක් වැනිය.
ඔබෙ දෛවය අපට නම් අභිරහසකි.කැලෙ සිටින සියලු කුළුමිමන් මරා දමන විට කුමක් සිදුවේවි ද ? කැලැ අශ්වයින් හීලැකරනවිට කුමක් සිදුවේවි ද ?කැලැවල රහසිගත ඉසවුවල මිනිස්සුන්ගේ සුවද මිශ්‍ර වු විට කුමක් සිදුවේවි ද ?ඉතා හොදින් වැඩුනු පර්වතවල දර්ශනයට කතාරන තතු කැලලක් නොවේ ද ?වන ලැහැබ කොහෙ තිබෙවිද?රාජ අලියා කොහේ යාවිද?කුමක් කියන්නද ජවසම්පන්න පෝනියාට සමුදෙන්න වේවි එවිට වුන් මරාවි.ඒ ජිවිතයෙ අවසානයත් නොමැරි බේරිමේ ප්‍රයත්නයක්ය.
අවසාන රතු ඉන්දියානුවාත් කැලැවෙන් අතුරුදන්වයන විට ඔහුගේ මතයන් තුළ ඉතිරිවන්නෙ මහා තැනිතලාවක් හරහා ගමන්කරන වළාකුලක සෙවණැල්ල මෙන් කොටසක් පමණයි.ඉවුරු සහ වනාන්තර යන මෙවා තවදුරටත් මෙහි තිබේවි ද ?මගෙ මිනිසුන් හැරදමාගිය කිසියම් ආත්මයක් තිබේවි ද ?
  මේ භූමියට අප ආදරය කරනafk හරියට අලුත උපන් කෙනෙක් අම්මාගෙ හදගැස්මට ආදරය කරනවා වගෙයි.ඉතින් අප ඔබට මෙ භූමිය මිලකලත් ඒකට ඔබ ආදරය කරන්න හරියට අප ඒකට ආදරය කරන විදිහට u,ඒක රකින්න හරියට අප ඒක රකිනවිදිහට u,සිතන්න අප ඒක ලබාදෙනවිට තිබුනු ලෙසම තබාගන්න.සුරකින්න සියලු දරුවන් වෙනුවෙන් ,ඒ වගේම ආදරය කරන්න හරියට දෙවියන් අපට ආදරය කරනවා වගෙ. ඒ භූමිය අපෙ වගේම ඔබෙත් නිසා. ඒ භූමිය අපට වගේම ඔබටත් වටිනා නිසා.එක් දෙයක් අප දන්නවා ඒ තමා අපට ඉන්නෙ එක දෙවිකෙනෙක් පමණයි.ඒනිසා සුදු මිනිසුන් කියා කළු මිනිසුන් කියා මිනිසුන් නැත.අප සියල්ලන්ම සොයුරෝ වෙමු.
ඉතින් මෙහි ඇතුළත්වුනෙ ඔහු සිය ජන්ම භූමිය සිය අභිමත පරිදි මිළයට ගනු කැමැති බව දන්වා එවු ප්‍රෑන්ක්ලින් පියස් ජනාධීපතිවරයාට දුන් පිළිතුරුය. මෙ ලිපිය කියවා ඔබ සිතන්න ඔබට මෙසෙ සිතිය හැකිද කියා. පුදුමයි නේද? මෙ සියැටෙල් නැමැති  දුර්ලබ මිනිසා පරිසරය පිළිබද දැරු ආකල්ප අචින්ත්‍යයි නේද? තම භූමිය මුදලට විකුණා දමන ලෙස ජනාධිපති වරයා කළ ඉල්ලිමට කදිම පිළිතුරු මෙහි ඇත.මෙම ග්‍රෝත්‍රික නායකයා තම වර්ගයාගේ අයිතවාසිකම් වෙනුවෙන් උණ්ඩයට පපුව විවර නොකලත් ජනාධිපති වරයාවෙත යැවු අචින්ත්‍ය සිතුවිලි දාමය සුදු අධිරාජ්‍යවාදින්ට දුන් කම්බුල් පහරක් නොවේද ?යන්න සිතිමට ඔබට බාරයි.
අදහස සහ පරිවර්තනය
ඩි එම් තමින්ද කුමාර සෙනවිරත්න
තෙවන වසර
ශ්‍රි ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය.













No comments:

Post a Comment

Wikipedia

Search results

Search This Blog

About Me. I'm Dmtk senavirathne and an undergraduate at the Buddhist and pali university